අපි ආවම රාජපක්ෂවරුන්ගේ ෆයිල් අදිනවා

අපි ආවම රාජපක්ෂවරුන්ගේ ෆයිල් අදිනවා

November 25, 2014   04:15 pm

තමන් සහයදෙන කණ්ඩායම බලය ගත් වහාම රාජපක්ෂවරුන්ගේ ෆයිල් හෙළිදරව් කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

පක්ෂය හැරයන අයගේ ෆයිල් තමා අත ඇති බවත්, එහෙත් ඒවා ප්‍රයෝජනයට ගෙන පලිගැනීමේ අදහසක් තමාට නැති බවත් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ වේදිකාවකදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අද(25) මෛත්‍රීපාල සිරිසේන මහතා ,හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට ප්‍රතිඥා දීමට ගිය අවස්ථාවේදී දෙදෙනා ඉදිරිපිට මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ බව කියා සිටියාය.

“අපේ කට්ටිය ආවම රාජපක්ෂවරුන්ගේ ෆයිල් අදින්නම්. දැනට ඒ ගැන ඇති.වෙන ප්‍රශ්න අහන්න එපා“බණ්ඩාරනායක මහත්මිය එසේ පවසමින් එතැනින් ඉවත්ව ගියාය.