ටී.එන්.ඒ මන්ත්‍රී මහින්දගේ සහයට එයි

ටී.එන්.ඒ මන්ත්‍රී මහින්දගේ සහයට එයි

November 25, 2014   02:29 pm

ත්‍රීකුණාමලය, සේරුවිල ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කේ.සිවලෝගේෂ්වරම් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වී තිබේ.

අද පෙරවරුවේ එම ප්‍රාදේශීය සභාවේ පැවති මාසික සභා රැස්වීමෙ දී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ අසුන්ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය පළ කරන බව ද කේ. සිවලෝගේෂ්වරම් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ඡායා රූ - මංගලනාත් ලියනාරච්චි