සයුරෙන් එතෙර
අමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි
November 25, 2014 08:46 am
අමෙරිකානු ආරක්ෂක ලේකම් චක්හේගල් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වසර දෙකක කාලයක් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ චක්හේගල් ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ඉල්ලා අස්වීම අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් පිළිගෙන ඇත.
68 වන වියේ පසුවන හේගල් හිටපු සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකි.
අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හේගල් විසින් විශිෂ්ට කාර්යයභාර්යක් ඉටුකර ඇති බවයි.