දීප උයනට පුරාවිද්‍යා කොමසාරිස් කඩාපනී
November 24, 2014 04:02 pm
පොළොන්නරුව පූජා භූමියට අයත් ඓතිහාසික දීප උයන හි දැනට සිදුකරන සියලුම ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස ඉදිකිරීම් කටයුතු සිදුකරන ආයතනවලට පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා නියෝග කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ තමන්කඩුව ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා යුද හමුදාව යොදාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි දීප උයනේ වැසිකිළි පද්ධතියක්, විශාල ප්‍රමාණයේ භෝජනාගාරයක් සහ රථ ගාලක් ඉදිකිරීම් ආරම්භ කර තිබුණි.
මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා මේවන විට විශාල මුදලක් වියදම් කර ඇති අතර මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව අප වාර්තාකරු පැවසීය.
එකී ඉදිකිරීම් සිදුකෙරෙන භූමිය ඡායා රූපයේ දැක්වෙයි. ඡායා රූ - ගාමිණි ඔබේසේකර