මගේ සහය මෛත්‍රිටයි - ඒක නිසා අමාත්‍යංශය පවරාගත්තා

මගේ සහය මෛත්‍රිටයි - ඒක නිසා අමාත්‍යංශය පවරාගත්තා

November 24, 2014   03:14 pm

ජනපති මැතිවරණයේදී සිය සහය මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදෙන නිසා තමා විසින් දැරූ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිධූරය උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා විසින් පවරාගෙන ඇතැයි පේෂල ජයරත්න මහතා කියයි.

තමාට නොදන්වා අද (24) දහවල් එම පවරා ගැනීම සිදුකර ඇති බවත්, ප්‍රධාන ඇමතිවරයා තමන් දැරූ තනතුරේ ‍ෙම්වන විට වැඩබාරගෙන ඇති බවත්, දැනගන්නට ලැබුණු බව හෙතෙම කියයි.

තමාගේ අමාත්‍ය ධූරය පවරා ගැනීමට හේතුව මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාට සහය දැක්වීම යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පේෂල ජයරත්න මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කරයි.