ඉන්දීය ධීවරයින් 14ක් නාවික දැලේ

ඉන්දීය ධීවරයින් 14ක් නාවික දැලේ

November 24, 2014   10:51 am

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස යාපනය කරෙයිනගර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී ඇත.

මෙම ධීවරයින් පිරිස තමිල්නාඩු, රාමේෂ්වරම් සහ ජගදපටිනම් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්ය.