වෙන්නප්පුවේ ඝාතනයකට සැකපිට 2ක් මාට්ටු

වෙන්නප්පුවේ ඝාතනයකට සැකපිට 2ක් මාට්ටු

November 24, 2014   10:30 am

පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව - බොරැල්ල පාර පදිංචිව සිටි චමින්ද කුමාර (අවු:40) නම් අයෙකි.

ඊයේ සවස 6.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 49 සහ 44 ක් වන දෙදෙනෙකුවය. ඔවුන් ඥාතීන් බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. මිය ගොස් ඇති අය කඩුවක් රැගෙන පැමිණ අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාට ඉන් පහර දීමට උත්සහ කර ඇතැයි පැවසේ.

එම අවස්ථාවේදී මිය ගොස් ඇති අය අත තිබූ කඩුවක උදුරා ගෙන ඇති සැකකරුවන් දෙදෙනා ඉන් සිදු කරන ලද පහර දීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලබා සිටි චමින්ද කුමාර එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු මිය ගොස් ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනාද මාරවිල මූලික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබමින් සිටි අතර තුර ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.