අභිරහස් මළ සිරුරක් හමුවෙයි

අභිරහස් මළ සිරුරක් හමුවෙයි

November 24, 2014   09:18 am

පිළියන්දල, ගංගාරාම පාර වෑවල ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංකය 119 ට ලැබුණූ තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදි අදාළ මළ සිරුර නිවසේ ඇඳ මත තිබි සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ පුද්ගලයා දින 04කට පමණ පෙර මියගොස් ඇති බවත්, සහ ඔහු අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයෙකු බවටත් පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

අදාළ පුද්ගලයා වසර ගණනාවක සිට තනිවම ජීවත් වන අයෙකු බවත්, ඔහුගේ බිරිඳ සහ දරුවන් වසර කිහිපයකට පෙර වෙන්ව ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටියේය.

මියගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පිළියන්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.