අතුරුදහන් වු විදුහල්පති ‍ගෙදරටම එයි

අතුරුදහන් වු විදුහල්පති ‍ගෙදරටම එයි

November 24, 2014   09:11 am

පසුගියදා අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි නිවසට පැමිණ තිබේ.

ඊයේ(23)  රාත්‍රි 9.00 ට පමණ අදාළ විදුහල්පතිවරයා නිවසට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ පිළීබඳව ඔහුගේ සොහොයුරෙකු විසින් පොලිසියට දැනුම් දි තිබේ.

කෙසේ වෙතත් ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත වි ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

ප්‍රතිකාර ලබාගැනිමෙන් අනතුරුව විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත්, ඉන් අනතුරුව ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 19 වන දා සිට අතුරුදන් ව සිටි අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරුණි.