තියුණු ආයුධ ප්‍රහාරයකින් අයෙක් එතනමයි

තියුණු ආයුධ ප්‍රහාරයකින් අයෙක් එතනමයි

November 24, 2014   09:05 am

වෙන්නප්පුව, බොරැල්ල පාර ප්‍රදේශයේ දි උල් ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ(23)  පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදි අදාළ ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිත‍ය.

ඝාතනය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.