සහයදීම ගැන තවම තීරණයක් නෑ

සහයදීම ගැන තවම තීරණයක් නෑ

November 23, 2014   05:56 pm

ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහය පළ කරන අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ මහලේකම් හසන් අලී මහතා පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව හසන් අලී මහතා සඳහන් කළේය.

අදාළ සාකච්ඡාව සඳහා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් සහභාගී වු බව සඳහන්ය.