රටේ ඉහළ අධ්‍යාත්මික ප්රබෝධයක් ඇතිවෙලා
November 23, 2014 05:53 pm
වර්තමානයේ රට තුළ ඉහළ අධ්‍යාත්මික ප්රබෝධයක් ඇති වී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටේ ජනතාව නැවතත් සුපුරුදු ආගමික ප්රතිපදාවන් වලට නැඹුරුවී ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මෙම ආගමික පිබිදීම මෑත කාලයේ ලැබු ජාතික විජයග්රහණයක් බව සඳහන් කළේය.
සෝමාවතී පුද බිමේ ඉදිකෙරුණු අභිනව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර සිටියේය.
රටේ කිසිදු පුරවැසියෙකුට නිදහසේ තම ආගමික කටයුතු කරගෙන යාමට අවස්ථාව අහිමි වු යුගයක් පැවති බව එහිදි ජනාධිපතිවරයා සඳහන් කළේය
එම අභාග්‍ය සම්පන්න යුගය නිමා කර රටේ සියලු පුරවැසියන්ට නිදහසේ තම කටයුතු සිදුකරගෙන යාමට හැකි පරිසරයක් වත්මන් රජය උදාකර දුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
දෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.