දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් පැෆ්රල් ඉල්ලීමක් කරයි

දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් පැෆ්රල් ඉල්ලීමක් කරයි

November 23, 2014   04:16 pm

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මැතිවරණයට අදාළ කටයුතුවලදී අපක්ෂපාතීව ක්‍රියාකරන ලෙස සඳහන් කරමින් අදාළ ඉල්ලීම සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව යොමුකළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ සෘජු නිලධාරීන්ට මෙන්ම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් වශයෙන් කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් හට ද මැතිවරණයකදී ඉතා විශාල කාර්යය භාරයක් පැවරෙණ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් මැතිවරණයට අදාළ කටයුතු සිදුකිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් මධ්‍යස්ථව සහ අවංකව කටයුතු කිරීම ඉතා වැදගත් බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මහගු පිටිවහලක් වනු ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.