ලාංකික සරණාගතයින් නිදහස් කළ යුතුයි

ලාංකික සරණාගතයින් නිදහස් කළ යුතුයි

November 23, 2014   11:27 am

ඉන්දියාවේ තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිස නිදහස් කරන ලෙස තමිල්නාඩු ටි.වි.කේ.පක්ෂය ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ටී.වී.කේ.පක්ෂ නායක පන්රුති වෙල්මුරුගන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විභාග කරන ලෙස ඉල්ලමින් පසුගිය සෙනසුරාදා දිනයේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 26 දෙනෙකු උපවාසයේ නිරතව සිටියි.

පසුගිය දිනක ඉන් විසි දෙනෙකු නිදිපෙති පානය කර සියදිවි හානී කරගැනීමට ද උත්සාහ කර තිබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය පළ කිරීම සහ නීති විරෝධී ආකාරයෙන් ඉන්දියාවට ඇතුළු වීම යන චෝදනා අදළ සරණාගතයින්ට එල්ල වී ඇති බව සඳහන් වෙයි.