තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීම අරඹයි

තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීම අරඹයි

November 23, 2014   10:13 am

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම ආරම්භ කර තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ දෙසැම්බර් මස 04 වන දින දක්වා තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම සිදුකරන බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපෑලයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයින් සිය අයඳුම් පත්‍ර යොමුකරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරණයට අදාළ ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල ග්‍රාමනිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 08 වන දිනට යෙදී තිබේ.