කොට්ටාවේදී තරුණියක් ඝාතනය කරයි

කොට්ටාවේදී තරුණියක් ඝාතනය කරයි

November 23, 2014   09:18 am

කොට්ටාව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී තරුණියක ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(22) පස්වරුවේ අදාළ තරුණියගේ ඥාති සොයුරියක සහ තවත් පුද්ගලයෙකු අතර ආරවුලක් හටගෙන ඇති බවයි.

එම ස්ථානයට ගිය අදාළ තරුණිය ද එම ආරවුලට මැදි වී ඇති අතර එම අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබු අදාළ තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණියකි.

සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.