පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක්  බිහිකරනවා

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහිකරනවා

November 23, 2014   09:12 am

පක්ෂ දේශපාලනය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට කැපවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් නව පාලනයක් ස්ථාපිත කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පොදු වැඩපිළිවෙළට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කළ රනිල් කළේය.

ගලිගමුව ඊයේ(22)  පස්වරුවේ පැවති එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.