මෛත්‍රී මෙගා නාට්‍යයක ප්‍රධාන චරිතයක්

මෛත්‍රී මෙගා නාට්‍යයක ප්‍රධාන චරිතයක්

November 23, 2014   01:55 am

විපක්ෂයේ පොදු අපේකෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ භූමිකාව මෙගා ටෙලිනාට්‍යයක ප‍්‍රධාන චරිතය හා සමාන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොළඹදී ඊයේ(22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

නමක් නැති මෙම ටෙලිනාට්‍යයට ‘‘ඇගේ වෛරය ’’ ලෙස නම් තබන්නැයි තමන් යෝජනා කරන බවද ඒ මහතා කීවේය.

අදාළ මාධ්‍ය හමුවේදී ඒ මහතා පහත පරිදි අදහස් දැක්විය.

කෙටියෙන් කිව්වොත් මට තිබෙන්නේ ඔහුගේ ඉතිහාසය පිළිබද ගෞරවයක්. ඔහුගේ වර්තමානය පිළිබද විමතියක් සහ අනාගතය පිළිබද කනගාටුවක්. මේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙල තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙගා ටෙලි නාට්‍යක්.

මේකට තවම නමක් තබල නැහැ. මම කැමති නමක් යෝජනා කරන්න "ඇගේ වෛරය" කියල. මෙහි නිෂ්පාදකයින් ශ්‍රී ලාංකිකයෝ නොවෙයි. ඉන්දියන් සාගරයෙන් එපිට බලවත් රාජ්‍ය වල පුද්ගලයින්ය. මෙහි අංග රචනය හා දෙබස් හිටපු ජනාධිපතිණිය චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසින්ය. තිර පිටපත් විපක්ෂ නායකතුමාගෙන්ය. මෙහි සටහන් අධ්‍යක්ෂණ ඉදිරියට දැක බලාගන්න පුළුවන්. වේශ නිරූපණ ශිල්පිනුත් මේ වන විට සුදානම් වෙමින් පවතිනවා