ගුද මාර්ගයෙන් රත්‍රං මතුවෙයි

ගුද මාර්ගයෙන් රත්‍රං මතුවෙයි

November 22, 2014   05:25 pm

නීති විරෝධීව මෙරටින් ඉන්දියාවට රත්‍රං ගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුවේ දි අත්අඩංගුවට ගෙන ති‍බේ.

මෙම පුද්ගලයා අද(22)  අළුයම යු.එල් 153 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මොහු පිළීබඳව ලද තොරතුරක් මත ගුවන් තොටුපල රේගුව මොහු අත්අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කර තිබේ.

එහිදි සැකකරු තම ගුද මාර්ගයේ සඟවාගෙන රත්‍රං කුට්ටි 04ක් මෙරටින් පිට කිරිමට උත්සහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.

සොයාගන්නා ලද මෙම රත්‍රං කුට්ටි වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ක බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබාගෙන මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සහකාර රේගු අධිකාරි ඉන්ද්‍රා උක්වත්ත මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකය.