සියඹලාණ්ඩුවට ගං වතුර තත්ත්වයක්

සියඹලාණ්ඩුවට ගං වතුර තත්ත්වයක්

November 22, 2014   04:33 pm

සියඹලාණ්ඩුව, ඇතිමලේ කළුඔබ්බ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැඩඔයේ අතු ගංගා වන කුඩා ඔය බෙහෙත්ගස්ආර සහ කඩින්ආර යන අතු ගංගා පිටාර ගැලීම මීට හේතුවි ඇති බව වාර්තා වෙයි.

ගමනාගමනයට බාධා එල්ල විම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව කිලෝමීටර් දහස් ගණනක් දුරගෙවා තමන්ගේ නිවාස වෙත ගමන් කිරිමට සිදුව ඇති බව ද වාර්තා වෙයි.