පොදු අපේක්ෂකයාගේ  ආරක්ෂාව අඩු කරලා

පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව අඩු කරලා

November 22, 2014   03:11 pm

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව අඩු කර තිබේ.

අද(22) උදෑසන සිට මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

නීතිය හා සාමයි පිළිබඳ අමාත්‍යංශය හා උතුරු මැද ප්‍රදේශ භාර පොලිස්පතිවරයා මගින් පොළොන්නරුව පොලිසියට දැන්වීමෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරින් සිය රාජකාරි කටයුතු වලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.