පොලිස් බිරියට පොලිස් සැමියාගෙන්  ප්‍රහාරයක්

පොලිස් බිරියට පොලිස් සැමියාගෙන් ප්‍රහාරයක්

November 22, 2014   02:18 pm

මහවෙල, විලත්තුව අකුරංගොඩ ප්‍රදේශයේ දි පොලිස් කොස්තාපල්වරිකට පහරදි තුවාල සිදුකළ බව කියන ඇයගේ ස්වාමි පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ස්වාමි පුරුෂයා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වෙයි.

පවුල් ආරවුලක් හේතුවෙන් අදාළ ගැටුම සිදුව ඇති බව පහරකෑමට ලක්වු පොලිස් කොස්තාපල්වරිය මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.