බසයක් ප්‍රපාතයට පෙරළී 5ක් රෝහලේ

බසයක් ප්‍රපාතයට පෙරළී 5ක් රෝහලේ

November 22, 2014   01:21 pm

මාවනැල්ල පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අළුයම වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා ඔවුන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බස් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.