පොලිස් නිලධාරීන් 4ට ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරීන් 4ට ස්ථාන මාරුවීම්

November 22, 2014   12:17 pm

පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ස්ථානමාරුවීම් සිදුකර තිබේ.

පසුගිය 20 සහ 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් මෙලෙස ස්ථානමාරුවීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිව සිටි පී.එම්. වැන්ඩගට් මහතා, ගම්පහ මුලස්ථාන පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇති අතර බෙමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරවා ලෙස ඒ.කේ ප්‍රේමනාත් මහතා පත්කර තිබේ.

මීට අමතරව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ඩබ්ලිව්.එච්.සී.කේ ප්‍රනාන්දු මහතා කොච්චිකඩේ පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇති බව සඳහන්ය.

මේ අතර ගල්නෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඊ.අයි.එස්.ඊ ඉංලංගසිංහ මහතා අනුරාධපුර පොලිසියේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා තිබේ.

කෙසේ වෙතත් මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක පොලිස් නිලධාරීන් ස්ථානමාරු කිරීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති අතර එලෙස ස්ථානමාරු කිරීමක් සිදුකරන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු වෙයි.