සිරිපාල ගම්ලත්  දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස පත්වෙයි

සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස පත්වෙයි

November 22, 2014   12:12 pm

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් නව සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර තිබේ.

ඒ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තනතුරු වලින් ඉල්ලා අස්වී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයෙන් තරග කිරීමත් සමඟය.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අද දෙරණ මේ සම්බන්ධයෙන් සිරිපාල ගම්ලත් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ ද ඔහු සදහන් කළේ අදාළ පත් කිරීම ලිඛිතව තමන්ට ලැබී නොමැති බවයි.