බේරුවල  වෙඩි තැබීමක්

බේරුවල වෙඩි තැබීමක්

November 22, 2014   09:00 am

බේරුවල, මග්ගොන ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(21) රාත්‍රී වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එක්සත් ජාතික පාක්ෂිකයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි තැබීම සිදුව ඇති බව අජිත් රෝහණ මහතා පැවසුවේය.

තුවාලකරු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

මේ අතර කුරුණෑගල මාවතගම ප්‍ර දේශයේ දී එක්සත් ජාතික පාක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

එහිදී වාහන කිහිපයකට ද අලාභානි සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.