මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

November 21, 2014   06:35 pm

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධාන රජයෙන් ඉවත්වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර,තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

මේ අනුව ශ්‍රීලනිප මහලේකම් ලෙස හෝ වෙනත් කිසිදු තනතුරක සිරිසේන මහතා විසින් කටයුතු නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ‘පොදු අපේක්ෂක‘ ලෙස කටයුතු කරන බවත්, එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය.