මෛත්‍රි එන සතුටට පොළොන්නරුවේ රතිඤ්ඤා දල්වයි

මෛත්‍රි එන සතුටට පොළොන්නරුවේ රතිඤ්ඤා දල්වයි

November 21, 2014   05:23 pm

ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත්වීමේ පුවත කන වැකී පො‍ෙළාන්නරු දිස්ත්‍රීක්කයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කර තිබේ.

අප වාර්තාකරු කියා සිටියේ මෙම පුවත ඇසීමෙන් ප්‍රීතියට පත්වූ පොළොන්නරු නගරයේ ඇතුළු ගම්මාන රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළ බවයි.