ගෙවුණු පස්වසරට ස්තූතියි!

ගෙවුණු පස්වසරට ස්තූතියි!

November 21, 2014   11:52 am

ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට තමන් බලාපො‍රොත්තු වන බව සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ වසර 5ක කාලය තුළ තමාට සහයෝගය ලබාදුන් සියලුදෙනාට බෙහෙවින් ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ අද (21) පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.