ජපන් පාර්ලිමේන්තුව විසුරුවයි
සයුරෙන් එතෙර

ජපන් පාර්ලිමේන්තුව විසුරුවයි

November 21, 2014   11:09 am

ජපානයේ අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට වසර දෙකකට පෙර ජපන් අග්‍රාමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

පසුගිය දා ජපාන ආර්ථිකයේ සිදුවු බිඳ වැටීමත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ තීරණය කළේය.

ඒ අනුව ජපානයේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය ලබන මස 14 වන දා පැවැත්වෙනු ඇති බවට මත පළ වේ.