වසන්ත සේනානායක එ.ජා.ප. එක්වෙයි

වසන්ත සේනානායක එ.ජා.ප. එක්වෙයි

November 20, 2014   05:57 pm

එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මීට ස්වල්ප මොහොතකට පෙර එ.ජා.ප. එක් වී ඇති බව වාර්තා වෙයි.

මීට ටික වේලාවකට පෙර වසන්ත සේනානායක මහතා පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ එක්සත් ජාතික පක්ෂයට එක්වු බව වාර්තා වෙයි.

වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

ඊට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වි සිටින බව සඳහන්ය.