ජනාධිපතිවරණයට අනුමැතියදී ජනපති අත්සන් තබයි

ජනාධිපතිවරණයට අනුමැතියදී ජනපති අත්සන් තබයි

November 20, 2014   01:27 pm

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අද(20) මැතිවරණ කොමසාරිස්වරයාට නිල වශයෙන් දැනුම්දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති කෙටි උත්සවයකදී ජනාධිපතිවරයා තම නිල කාලය සම්පූර්ණවීමට ප්‍රථම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ඊට තෙවන වරට තමන් තරඟ කරන බවට වන නිල ප්‍රකාශයට අත්සන් කිරීමත් සිදුකර තිබේ.

එය මැතිවරණ කොමසාරිස්වරයාට නිල වශයෙන් ලිඛිතව ලැබුණු පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිවේදනය කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති විසින් අත්සන් තබන ලද අදාළ ලිඛිත ලිපිය තමා වෙත ලැබුණු බව මැතිවරණ කොමසාරිස්වරයා අද දෙරණ කරන ලද විමසීමකදී සඳහන් කර සිටියේය.