අනුුරපුර ගින්නෙන් කෝටි 50ක් වතුරේ

අනුුරපුර ගින්නෙන් කෝටි 50ක් වතුරේ

November 20, 2014   12:36 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක හටගත් ගින්නෙන් රුපියල් කෝටි 50 ක පමණ අලාභයක් සිදුව ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසයි.

මහල් 06කින් සමන්විත මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලේ පහත මාලයේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක් සවිකර ඇති කාමරයක අද අළුයම මෙම ගින්න හටගෙන ති‍බුණි.

කෙසේ වෙතත් අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වු බව සඳහන්ය.

ගින්න හේතුවෙන් රෝහලේ කිසිදු රෝගියෙකුට අනතුරක් සිදුව නොමැති බව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.ඩී. සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.