අමෙරිකාවට හිම කුණාටුවක්
සයුරෙන් එතෙර

අමෙරිකාවට හිම කුණාටුවක්

November 20, 2014   09:40 am

ඊසානදිග අමෙරිකාවට බලපෑ හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් පස්දෙනෙකුම නිව්යොක්හි පදිංචිකරුවන් බවයි.

හිම කුණාටුවත් සමඟ අඩි 05ක පමණ උසින් යුත් හිම තට්ටුවක් පොළවට පතිත වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් ඊසානදිග අමෙරිකාවේ දෛණික ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ලවී තිබේ.

හිම කුණාටු හේතුවෙන් අවහිර වුණු මාර්ග පිළිසකර කිරීමේ කටයුතු සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.