නාවලපිටියේදී කතකට තියුණු ආයුධ ප්‍රහාරයක්

නාවලපිටියේදී කතකට තියුණු ආයුධ ප්‍රහාරයක්

November 19, 2014   03:11 pm

නාවලපිටිය , තිස්පනේකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාවක තුවාල ලබා තිබේ.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පැවසුවේය. පවුල් ආරවුලක් මත ඇතිවු බහින්බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්ය. පහරකෑමෙන් තුවාල ලැබු කාන්තාව ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වු කාන්තාවගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.