බිරිඳ බේරාගන්න කළමනාකරු මරලා!

බිරිඳ බේරාගන්න කළමනාකරු මරලා!

November 18, 2014   11:25 am

මුන්දලම, අම්බලවෙල්ලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දහවල් ප්‍රදේශයේ වත්තක කළමනාකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වත්තේ සේවය කළ මුරකරු සහ ඔහුගේ බිරිඳ බව සඳහන්ය.

අදාළ කළමනාකරු විසින් එම මුරකරුගේ බිරිඳට අතරවර කිරීමට යාමේ දී මෙම පහරදීම සිදුව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ තාරවිල්ලුව, බත්තුලුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි අයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.