ශ්‍රී ලංකාව අදත් පරාදයි

ශ්‍රී ලංකාව අදත් පරාදයි

November 13, 2014   10:18 pm

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය ද ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා ලකුණු 4ක් ලබා ගෙන සිටියදී දවා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම අහිමිකර ගත්තේය.

එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩකයා ලෙස, ශර්මා අද ලෝක වාර්තාව පිහිටු වූයේ ලකුණු 264ක් රැස් කරමින් ය.

පන්දු 173කින් රැස් කළ එම ලකුණු 264ට හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් ඇතුළත් විය.

එක්දින තරගයකදී ද්විත්ව ශතක දෙකක් රැස් කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා ලෙස ද අද රෝහිත් ෂර්මා ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

අද තරගයේ පන්දුවාර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 5කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 404කි.

තරගයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 4 බිද වැටුණේ ලකුණු 48කදී ය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ අතර, දිනේෂ් චන්දිමාල්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 9ක් පමණි.

මහේල ජයවර්ධන ලකුණු 2කට දැවී ගිය අතර, ටී.එම් ඩිල්ෂාන් ලකුණු 34ක් රැස් කළේය.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 75ක් රැස් කළේ, 24 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ය.

8 වැනි එක්දින අර්ධ ශතකය රැස් කළ ලහිරු තිරිමාන්න සමග එක් වූ මැතිව්ස් පස්වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් ගොඩනැගුවේය.