ඔබාමාගෙන් පොරොන්දුවක්
සයුරෙන් එතෙර

ඔබාමාගෙන් පොරොන්දුවක්

November 12, 2014   11:58 am

හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා නව ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගන්නා බවට චීන සහ අමෙරිකානු රාජ්‍ය නායකයින් ප්‍රකාශ කර තිබේ.

චීනයේ බීජිං නුවර පැවති හමුවක දී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 2025 වර්ෂය වන විට හරිතාගාර වායු විමෝචනය සියයට 26 ත් 28 ත් අතර දක්වා අවම කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් චීනය ඒ සඳහා නිශ්චිත කාල සිමාවක් ප්‍රකාශයට පත්කර නැත.

නමුත් චීනය, ලොව පරිසර දූෂණය වැඩි වශයෙන් සිදුවන රට ලෙස මෙවැනි ක්‍රමවේදයක් කරා යොමු වීමට පෙරොන්දු වු ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්ය.