බර්ලින් තාප්පය කඩා 25 වැනි වසර සමරයි
සයුරෙන් එතෙර

බර්ලින් තාප්පය කඩා 25 වැනි වසර සමරයි

November 10, 2014   09:42 am

බර්ලින් තාප්පය බිඳ දැමීමේ 25 වන සංවත්සරය අති උත්කර්ෂවත් අන්දමින් සමරා තිබේ.

දහස දහසක පමණ ජනතාවක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී බැලුන් 8000ක් පමණ අහසට මුදා හැර ඇත.

1961 වර්ෂයේ දී එවකට නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට මිනිසුන් පලායෑම වැළැක්වීම සඳහා බර්ලින් තාප්පය ඉදිකර තිබුණි.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර පැවති මත ගැටුම නිමා කරමින් 1989 වර්ෂයේ දී බර්ලින් තාප්පය කඩා ඇත.

එහෙත් අනාගත පරපුරට බර්ලින් තාප්පය දැක බලා ගැනිම සඳහා කිලෝමිටර් තුනක පමණ කොටසක් මේ වන විට ඉතිරි කර ඇති අතර බර්ලින් තාප්පයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 155කි.

බර්ලින් තාප්පය කඩා බිඳ දැමීමේ උත්සව අවස්ථාව සැමරීම සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මාර්කල් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.