ඔසාමාගේ මරුවා අයිතිය ඉල්ලා අමෙරිකානුවන් දෙන්නෙක් මත ගැටුමක
සයුරෙන් එතෙර

ඔසාමාගේ මරුවා අයිතිය ඉල්ලා අමෙරිකානුවන් දෙන්නෙක් මත ගැටුමක

November 7, 2014   05:20 pm

අල් කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින්ලාඩ්න්ට වෙඩි තැබු පුද්ගලයා සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන තිබේ.

ඔසාමා බින්ලාඩ්න්ට වෙඩි තැබීම සිදුකළේ තමන් බව අමෙරිකාවේ ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රකාශ සමඟ අදාළ වෙඩි තැබීම සිදුකළේ කුමන නිලධාරීයා ද යන්න සම්බන්ධයෙන් පරස්පරතාවයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ හිටපු හමුදා නිලධාරියෙකු වන රොබට් ඕනෙයිල් වොෂිංටන් පෝස්ට් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් අදාළ වෙඩි තැබීම ඔහු සිදුකළ බවට ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එරට විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු වු මැට් බිසොනෙට් ප්‍රකාශ කර ඇත්තේ එම වෙඩි තැබීම ඔහු විසින් සිදුකළ බවයි.

අල් කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින්ලාඩ්න් 2011 වසරේ මැයි 02 වන දා පාකිස්ථානයේ ඇබොටාබාද් හිදී ඝාතනයට ලක්වුණි.