ඉන්දීය කැබිනට්ටුව 10ට නඟී!
සයුරෙන් එතෙර

ඉන්දීය කැබිනට්ටුව 10ට නඟී!

November 6, 2014   05:52 pm

ඉන්දියාවේ කැබිනට් මණ්ඩල සාමාජිකයින් ගණන ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය සඳහා නව අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත.

ගෝවා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය මනෝහාර් පර්රික්කාර් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තේරි පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්තමානයේ ඉන්දීය කැබිනට් මණ්ඩලය අමාත්‍යවරියන් 07 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 45 දෙනෙකුගෙන් සමන්විතය.