ශ්‍රී ලංකාව  274යි - මැතිව්ස් 92යි

ශ්‍රී ලංකාව 274යි - මැතිව්ස් 92යි

November 6, 2014   05:48 pm

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරඟයේදි කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 274ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක ඇන්‍ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92ක් ලබාගත් අතර කුමාර් සංගක්කාර ලකුණු 61ක් ලබා ගන්නා ලදී.

දෙරට අතර පළමු තරඟය ඉන්දියාව ජයගත්තේය.