රිපබ්ලිකන් පක්ෂය අමෙරිකාවේ සෙනෙට් බලය අල්ලයි
සයුරෙන් එතෙර

රිපබ්ලිකන් පක්ෂය අමෙරිකාවේ සෙනෙට් බලය අල්ලයි

November 5, 2014   03:59 pm

අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව තිබේ.

එරට පැවති අතුරු මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ සෙනෙට් සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්ව ඇත.

එම පක්ෂය විසින් අර්කන්සාස්, කොළරාඩෝ, ලෝවා, මොන්ටානා, උතුරු කැරොලිනා, දකුණු ඩැකෝටා සහ බටහිර වර්ජිනියා ප්‍රාන්තවල ජයග්‍රහණය හිමිකර ගෙන ඇති බව සඳහන්ය.

අනෙක් ප්‍රාන්තවල ඡන්දය ගණනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන බැවින් එම පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවද වාර්තා වේ.