දිල්ලි‍යේ මැතිවරණයක් තීන්දුයි
සයුරෙන් එතෙර

දිල්ලි‍යේ මැතිවරණයක් තීන්දුයි

November 4, 2014   12:35 pm

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කිසිදු ප්‍රධාන පක්ෂයක් නව රජයක් පිහිටුවීමට අපොහෝසත් වීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රාන්ත ප්‍රධාන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද් කෙජ්රිවාර්ගේ ඉවත් වීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මාසයේ සිට දිල්ලි රජය අස්ථාවර වු අතර එය ජනාධිපතිවරයාගේ සෘජු පාලනය යටතට ගැනිණ.

ඒ අනුව සභාව විසුරුවාහැර මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුකාර නජීබ් ජන්ග් තීරණය කර ඇති අතර ඒ පිළිබඳ ඔහු විසින් ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.