මැණික් ගැරූ අයට වැඩ වරදී...!

මැණික් ගැරූ අයට වැඩ වරදී...!

February 28, 2017  

Bookmark and Share
බගවන්තලාව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.එහිදි කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(28) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූප- රංජිත් රාජපක්ෂ