පස්කන්දකට බලංගොඩ දෙන්නෙක් බිලි
October 31, 2014 04:13 pm
බලංගොඩ, ඕලුගංතොට, සමන්පුර ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
අද පස්වරු 3.15ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හා 55ක පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් ඇල්ල, කුඹල්වෙල , කොට්ටගස්වත්ත ප්‍රදේශයේ නිවාස 60ක පුද්ගලයින් ඉවත් කර තිබේ.
ඇල්ල ප්‍රාදේශිය ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සඳහන් කළේ බොල්විලගලකන්ද නායයෑමේ තත්ත්වයක් නිරික්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
නිවාස වලින් ඉවත් කෙරුණු පුද්ගලයින් දෝව විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති බව ඇය සඳහන් කළාය.