ඔස්ට්‍රේලියාව ෆීජී සම්බාධක ඉවත්කරයි
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාව ෆීජී සම්බාධක ඉවත්කරයි

October 31, 2014   11:35 am

ඕස්ට්‍රේලියානු රජය විසින් ෆීජි රාජ්‍යයට පනවා තිබු සම්බාධක ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් එරට මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මෙලෙස සම්බාධක ඉවත් කිරීමට තීරණය කර ඇත.

දෙරට අතර පවතින සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය ජූලි බිෂෝප් ෆීජි රාජ්‍යය බලා සංචාරයක නිරත වීමට නියමිතය.

මේ අතර ෆීජි රාජ්‍යයේ නව පාර්ලිමේන්තුවට සුභ පැතුම් එක්කරන බව ද ෆීජි හි අමෙරිකානු තානාපති ෆ්‍රැන්කි රීඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.