පකිස්ථානය ඉදිරියෙන්

පකිස්ථානය ඉදිරියෙන්

October 31, 2014   10:37 am

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ඊයේ තරගය නතර කරන විට කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 304ක් ලබා සිටියේය.

අසාර් අලි නොදැවී ලකුණු 101ක් සහ යූනිස් ඛාන් නොදැවී ලකුණු 111ක් පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රැස්කරගෙන සිටියහ.

තරඟය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදිය.

මෙම තරඟාවලියේ පළමු තරඟය පකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.