ජනපති මීරියබැද්දට පැමිණෙයි

ජනපති මීරියබැද්දට පැමිණෙයි

October 30, 2014   10:45 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිකොප්ටර් යානයකින් කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙසට ගොඩබැස්ස බව අද දෙරණ වාර්තාකරු පවසයි.

නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයාබැලීම හා කඩිනම් සහනසේවා සැපයීම විධිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

එසේම ජනාධිපතිවරයාගේ මෙම නීරීක්ෂණය අතර තුරදී පීඩායට පත් දරුවන් ආරක්ෂා කිරීමට ළමා රක්ෂණ අධිකරියට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

මෙම පෙදෙසේ මේවන විට වාර්තාවන තොරතුරු වලට අනුව වතු නිවාස 120 ක් පමණ යටවී ඇති අතර අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.