ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේ ඉන්දියා යයි

ශ්‍රී ලංකා කණ්ඩායම හදිසියේ ඉන්දියා යයි

October 29, 2014   02:14 pm

ශ්‍රී ලංකා - ඉන්දීය එක්දින තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ඔහු ඇතුළු 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් තිබේ.

එහිදී ඔවුන් එක්දින තරඟ 5ට සහභාගිවීමට නියමිත අතර මෙම තරඟ නොවැම්බර් මස 2-16 දක්වා පැවැත්වේ.

ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවැත්වීමට නියමිතව තිබුණු එක්දින ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවීමට කටයුතු යෙදීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා කණ්ඩායම ආදේශ කිරීම හේතුවෙන් මෙම හදිසි සංචාරය සිදුවිය.